ලිබියාවේ අමාත්‍යාංශයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

Share

ලිබියාවේ විදේශ කටයුතු අමාත්‍යංශයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙන අතර සිදුවීම පිළිබද පරීක්ෂණ ක්‍රියාත්මක වි තිබේ.

ලිබියාවේ ට්‍රිපොලි අගනගරයේ පිහිටි විදේශ කටයුතු අමාත්‍යංශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තිබේ.

ඉන් තවත් 21දෙනෙක් තුවාල ලබා ඇති බවටද වාර්තා විය.

අදාළ ප්‍රහාරයට මරාගෙන මැරෙන බෝම්බකරුවන් තිදෙනෙකු සහභාගි වී ඇති බවද විදෙස් වාර්තාවල සඳහන් වෙයි.

එහිදී පළමුව කාර් බෝම්බයක් පුපුරුවා හැර ඇති අතර, ඉන් පසු බෝම්බකරුවන් දෙදෙනෙක් වෙඩි තබමින් අමාත්‍යංශ පරිශ්‍රයට ඇතුලු වි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන් අනතුරුව ඔවුන් බෝම්බ පුපුරැවා හැර ප්‍රහාරය එල්ල කළ බවට වාර්තා වෙයි.

ආරක්ෂක අංශවල ප්‍රති ප්‍රහාර හමුවේ අනෙකුත් බෝම්බ කරු මියගොස් ඇති බවද සඳහන් වෙයි.

ප්‍රහාරයෙන් පසු අමාත්‍යංශ පරිශ්‍රෙය් ආරක්ෂාව තරකර ඇති අතර ඉන් දුමාරයක් නැගී එන ආකාරයද එතෙර මාධ්‍ය වාර්තා කර තිබුණි.

ලිබියාවේ හිටපු පාලක මුවම්මර් ගඩාෆි ඝාතනය කරමින් 2011 වසරේදී සිදුවූ බලපෙරළියෙන් අනතුරුව මෙවැනි පුවත් එරටින් නිරන්තරයෙන් වාර්තා විය.

Read more

Local News