නත්තල් දා ගිනිකෙළි අනතුරු අඩු බව ජාතික රෝහල කියයි

Share

නත්තල් දිනයේදී ගිනිකෙළි නිසා අනතුරුවලට ලක්ව ජාතික රෝහලට මෙවර කිසිදු රෝගියෙක් ඇතුළත් වී නොමැති බව ජාතික රෝහල සඳහන් කර තිබේ.

නත්තල් දිනයදා ගිනිකෙළි අනතුරුවලට ලක්ව රෝහලට රෝගියෙකු නොපැමිණි පළමු අවස්ථාවද මෙය බව රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරී පුෂ්පා රම්‍යා ද සොයිසා මෙනවිය පැවසීය.

ඊයේ (25) පෙරේදා (24) යන දෙදින තුළ සිදුවූ විවිධ අනතුරු නිසා පුද්ගලයන් 546 ඇතුළත් වූ බවත් පසුගිය වසරට සාපේක්ෂව මෙය 18% ක වර්ධනය වීමක් බවද පැවසීය.

Read more

Local News