බ්‍රිතාන්‍ය තරුණියකට අතවර කරන්න ගිය දෙදෙනෙක් අත්අඩංගුවට

Share

බ්‍රිතාන්‍ය ජාතික තරුණියකට අතවර කිරිමට උත්සහ කිරිමේ වරදට සැකපිට තරුණයන් දෙදෙනෙකු අද(26) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

නත්තල් සමය ගත කිරිම සඳහා මෙම 28 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික තරුණි ඇයගේ පෙම්වතා සමඟ හැටන් කාසල්රි ජලාශය අසල පිහිටි සංචාරක නිකේතනයකට පැමිණ ඇත.

සංචාරක නිකේතනයේදි මෙම බ්‍රිතාන්‍ය ජාතික තරුණිය සහ ඇයගේ පෙම්වතා සමඟ සැකකරුවන් දෙදෙනා සුහදතාවයක් ඇති කරගෙන මත්පැන් සාදයක්ද පවත්වා ඇති බව හැටන් පොලිසිය වෙත වාර්තා වි ඇත.

එම සංචාරක නිකේතනයේ නවාතැන් ගෙන සිටි සැකකරුවන් දෙදෙනා බ්‍රිතාන්‍ය ජාතික තරුණිය නවාතැන්ගෙන සිට කාමරයට පැමිණ තරුණයන් දෙදෙනා තරුණියට දැනුම්දී ඇත්තේ කාමරයෙන් පිටතට පැමිණෙන ලෙසයි.

එලෙස පැමිණි අවස්ථාවේදී මෙම තරුණියින් ඇයට අතවර කිරීමට උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේදී බියට පත්වූ බ්‍රිතාන්‍ය ජාතික තරුණිය කෑ ගසා හෝටල් කළමනාකාරිත්වය දැනුවත් කර ඇති බවට සඳහන් වෙයි.

ඉන් පසු එම පාලන අධිකාරිය විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට කල පැමිණිල්ලක් මත හැටන් පොලිසියේ නිලධාරින් එම සංචාරක නිකේතනයට ගොස් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් දෙදෙනා හැටන් දික්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි.

එම සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදදිරිපත් කරන බවත් හැටන් පොලිසිය පැවසිය.

Read more

Local News