උතුරේ පීඩාවට පත් පුද්ගල සංඛ්‍යාව ඉහළට

Share

උතුරු පළාතට ඇතිවී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස 1400කට හානි සිදුව තිබේ.

මෙයින් පීඩාවට පත් පුද්ගල ප්‍රමාණය අසූ හත්දහස් හයසිය තිස් හතක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව දෙකකි.

පවුල් 2686කට අයත් පුද්ගලයන් 8693ක් ආරක්ෂිත කඳවුරු 25ක රඳවා සිටින අතර, වැඩිම නිවාස හානි සිදුව තිබෙන්නේ මුලතිව් දිස්ත්‍රික්කයෙන් වන බවත්, එම දිස්ත්‍රික්කයේ නිවාස 865ක් හානියට පත්ව ඇති බවත් එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read more

Local News