වෙඩි තැබීම ගැන හොයන්න පොලිස් කණ්ඩායම් 11ක්

Share

තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ ඊයේ සිදුකළ වෙඩි තැබීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ පොලිස් කණ්ඩායම් 11ක් මගින් සිදුකරමින් තිබෙන බව පොලීසිය පැවසීය.

විමර්ශනයට අදාළව මේ දැක්වා පුද්ගලයින් 40කගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන ඇතැයිද පොලීසිය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

එසේම මිය ගිය පුද්ගලන්ගේ මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ හම්බන්තොට රෝහලේදි සිදුකිරීමෙන් අනතුරුව එම සිරුරු ඥාතීන් වෙත භාරදීමට කටයුතු කළ බවත් පොලීසිය පැවසීය.

Read more

Local News