සුනාමියෙන් මියගිය 135කගේ සිරුරු වෛද්‍ය සිසුන්ට

Share

දැනට ගාල්ල කරාපිටිය රුහුණු වෛද්‍ය පීඨයේ තබා ඇති සංරක්ෂණය කරන ලද සිරුරු වෛද්‍ය සිසුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා ලබා දීමට තීරණය කර තිබේ.

මීට වසර 14 කට පෙර සුනාමියෙන් මිය ගිය මිනිසුන්ගේ සංරක්ෂණය කරන ලද මෙම සිරුරු මෙතෙක් කිසිවෙකු හඳුනා ගෙන නොමැති බැවින් මෙම තීරණය ගෙන ඇත.

කරාපිටිය වෛද්‍ය පීඨයේ, අධිකරණ වෛද්‍ය අංශ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය නිලධාරී යූ.සී.පී.පෙරේරා මහතා අද(26) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම අදහස් පළ කළේය.

මෙතෙක් අයිතිකරුවන් විසින් හඳුනා නොගත් සිරුරු 135 කට වැඩි කොටස් රුහුණු වෛද්‍ය පීඨයේ ආරක්ෂිතව තැන්පත් කර ඇති අතර මින් ඉදිරියට මෙම සිරුරු වෛද්‍ය සිසුන්ගේ අධ්‍යයන සඳහා ලබා දීමට කටයුතු යොදා තිබේ.

Read more

Local News