අදත් පාර්ලි‍මේන්තු ගැටුම් හොයන කමිටුව රැස්වෙයි

Share

අද (27) දින පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ඇතිවූ ගැටුම්කාරි සිද්ධිය පිළිබඳ කරුණු සොයා බැලීමට පත් කළ කමිටුව දිනයේ යලි රැස්වීමට නියමිතව තිබේ.

අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී කමිටුව රැස්වීමට නියමිත බවයි නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසීය.

පසුගියදා පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්කාරි සිද්ධිය පිළිබඳව සොයා බැලීමට කතානායක කරූ ජයසූරිය මහතා විසින් මෙම කමිටුව පත් කරනු ලැබීය.

නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතීත්වයෙන් යුත් මෙම කමිටුව සඳහා චමල් රාජපක්ෂ, රංජිත් මද්දුමබණ්ඩාර, චන්ද්‍රසිරි ගජධීර, බිමල් රත්නායක සහ මාවෙයි සේනාධිරාජා යන මන්ත්‍රීවරුන් ඇතුලත්ව සිටියි.

මේ වන විට අදාල කමිටුව පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්කාරි සිද්ධියට අදාල විඩියෝ දර්ශන නරඹා ඇති අතර ඊට අදාල වාර්තාව සැකසීම ආරම්භ කර ඇති බව ආනන්ද කුමාරසිරි මහතා පැවසීය.

අද දිනයට අමතරව ලබන වසරේ ජනවාරි  මස 03,08 සහ 09 යන  දින තුන තුළ ද යලි කමිටුව රැස්වීමට තීරණය කර ඇති බව ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේය.

Read more

Local News