පාරමීට සජිත් නිවසක් දෙයි

Share

රටට ගෞරවය ගෙනදෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පක්ෂ පාට භේදයකින් තොරව උපරිම ශක්තිය ලබා දීම සෑම රජයකම වගකීම බව නිවාස  ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්ය  සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ යොවුන් ඔලිම්පික් පදක්කම්ලාභී පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවට නව නිවසක් පිරිනැමීම වෙනුවෙන් ඊයේ (26) දින නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයට සහභාගි වෙමිනි.

මීට අමතරව පාරමී ක්‍රීඩිකාව පදිංචිව සිටින පුත්තලම පිහිටි නිවසේ අළුත්වැඩියා කටයුතු සඳහා රුපියල් ලක්ෂ 10 ක මුදලක් සෙවණ අරමුදලින් ලබා දී ඇති බවත් එහි අළුත්වැඩියා කටයුතු මේවන විට අවසන් කර ඇති බවද මෙහිදී පැවසීය.

Read more

Local News