පුද්ගල මළ සිරුරක් සොයා ගැනේ

Share

බම්බලපිටිය රජයේ මහල් නිවාස සංකීර්ණයේ නිවසක සැකකටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

දින කිහිපයක සිට වසා තිබූ අදාල නිවසෙන් අධික දුගදක් හමන බවට පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ සෝදිසියකදී අදාල මළ සිරුර සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

මියගොස් ඇත්තේ එම නිවසේ පදිංචිව සිටි 65 හැවිරිදි පුද්ගලයෙකු වන අතර මළ සිරුර මහේස්ත්‍රාත් පරික්ෂණයෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලේ මෘත ශරිරාගාරයේ තබා ඇති අතර බම්බලපිටිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News