නාඳුනන මළ සිරුරක් තලවකැලෙන් හමුවෙයි

Share

අද (27) උදෑසන 06.00 ට පමණ තලවාකැලේ දුම්රිය ස්ථානය අසල තිබී පිරිමි මළ සිරුරක් තලවාකැලේ පොලීසිය මඟින් සොයාගෙන තිබේ.

මෙම මළ සිරුර වයස අවුරුද 65-70 ත් පමණ අයෙකුගේ විය හැකි බවට පොලීසිය සැකකරන අතර මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් තලවාකැලේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News