අමාත්‍ය ධූර සංඛ්‍යාව විමසන්න එජාපය අධිකරණයට

Share

උසාවි නිවාඩු කාලය අවසන් වූ පසු, කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාව පිළිබඳව අධිකරණයෙන් විමසීමට බලාපොරොත්තු වන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ සිය අමාත්‍යාංශයේ ඊයේ දිනවැඩ භාර ගැනීමෙන් අනතුරුවය.

අමාත්‍යවරයා වැඩ්දුරටත් අදහස් දක්වමින් “අපි අතර පොඩි මත ගැටුමක් තිබෙනවා. කැබිනට් එක 30කට සීමා වෙන්න ඕන කියන කරුණ සම්බන්ධයෙන්. මොකද මේක තනි රජයක්. සමහර වෙලාවට අපේ මත තිබුණා මුස්ලිම් කොංග්‍රසයත් එක්ක එකට වැඩ කරද්දී කලින් වගේ (ජාතික ආණ්ඩුවක්) තත්ත්වයක් කියලා.

එහෙම හිතලා අපි ඇමතිවරු ලැයිස්තුව ජනපතිට යැව්වාම එතුමාගේ සංකල්පය වුණේ ඇමතිවරු 28ක් විය යුතුයි ජනපති හා අගමැති අයින් කළ විට සඳහන් කළා. උසාවි නිවාඩු කාලය අවසන් වූ විට අපි ගන්නවා වාර්තාවක් අපිට කීදෙනෙක් ඇමතිවරු පත්කරන්න පුළුවන්ද කියලා. එවිට ප්‍රශ්ණය විසදේවි” යැයි පැවසීය.

Read more

Local News