පානදුරේ මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි

Share

පානදුර පින්වත්ත ප්‍රදේශයේ  නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට පිංවත්ත පොලීසිය කටයුතු කරනු ලැබිය.

ඊයේ(26) දින පින්වත්ත බොල්ගොඩ ගඟ ආසන්නයේ වැටලීමට ලක් වූ මෙම මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් තිබේ.

වැටලීම සිදුකළ අවස්ථාවේ එහි තිබී ලක්ෂ 35ක වටිනාකමින් යුත් නිෂ්පාදිත මත්පැන් මිලිලීටර් 80,000ක්, ගෝඩා මිලිලීටර් හතලිස් පන්ලක්ෂ අසූදහසක් සහ මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා තවත් උපකරණ රැසක් හමුවී තිබේ.

නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගිය  පුද්ගලයින් දෙදෙනෙකු එහිදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර ඔවුන් අද (27) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Read more

Local News