ලංකා ඛනිජ තෙල් සංස්ථාව සිය කාර්යක්ෂමතාව, සැපයුම වැඩිදියුණු කිරීම සඳහා නව ව්‍යාපෘති රැසක්

Share

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සිය කාර්යක්ෂමතාව සහ සැපයුම වැඩිදියුණු කිරීම සඳහා නව ව්‍යාපෘති රැසක් දියත් කර තිබෙන බව ඊයේ (26) කොළඹ පැවති මාධ්‍ය හමුවේදී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග මහතා පැවසීය.

රටේ ඉහළ යන ඛනිජ තෙල් ඉල්ලුම කාර්යක්ෂම සහ පිරිමැසුම්දායක ලෙස සපුරාලීම සඳහා වැඩසටහන් රැසක් මේ වන විටත් ක්‍රියාත්මක කර තිබේ.

නව Continuous Catalyst Regeneration ඒකකයක් ස්ථාපිත කිරීම පසුගිය මාස 6 තුළ සිදු කිරීම ඉතාම වැදගත් ව්‍යාපෘතියක් වූ අතර එහිදී බොරතෙල් පිරිපහදු කිරීමේ රසායනික ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සිදු වේ.

සපුගස්කන්ද පිරිපහදු ස්වයංක්‍රීය පර්යන්තයේ අතිනවීන ස්වයංක්‍රීය පිරවුම් පද්ධතිය නිසා ඉන්ධන ගබඩා ටැංකි පිරවීමේ ක්‍රියාවලිය මුළුමනින්ම ස්වයංක්‍රීයකරණය වී තිබේ.

බණ්ඩානායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ඉන්ධන සැපයීමේ නළ මාර්ගයක් ඉදිකිරීම ඵලදායී  විසඳුමක් වී ඇත. මුතුරාජවෙල සහ කොළොන්නාව ගබඩා කරමින් නල මාර්ගයක් ඉදිකිරීම, රට හරහා නළ මාර්ග ඉදිකිරීම, ඉන්ධන ගබඩා නවීන ආර්ථික කලාපවල ස්ථාපිත කිරීම, ප්‍රසම්පාදන ක්‍රියාවලිය අලුත් කිරීම, නිෂ්පාදන හා සේවාවන් වැඩිදියුණු කිරීම යානාදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ.

Read more

Local News