පාර්ලිමේන්තු ගැටුම් ගැන හොයන්න මාධ්‍ය නියෝජිතයින් කැඳවයි

Share

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ඇතිවූ ගැටුම්කාරි සිද්ධිය පිළිබඳ කරුණු සොයා බැලීමට පත් කළ කමිටුව අද (27) යළි රැස් විය.

නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුව අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ බව නියෝජ්‍ය කථානායක කාර්යාලය සදහන් කරයි.

පසුගියදා පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්කාරි සිද්ධිය පිළිබඳව සොයා බැලීමට කථානායක කරූ ජයසූරිය මහතා විසින් මෙම කමිටුව පත් කළ අතර නියෝජ්‍ය කථානායකවරයාට අමතරව චමල් රාජපක්ෂ, රංජිත් මද්දුමබණ්ඩාර, චන්ද්‍රසිරි ගජධීර, බිමල් රත්නායක සහ මාවෙයි සේනාධිරාජා යන මන්ත්‍රීවරුන් එහි සාමාජිකයින් කටයුතු කරයි.

මේ වන විට අදාල කමිටුව පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්කාරි සිද්ධියට අදාල විඩියෝ දර්ශන නරඹා ඇති අතර ඊට අදාල වාර්තාව සැකසීම ආරම්භ කර ඇති බව ආනන්ද කුමාරසිරි මහතා පැවසීය.

ගැටුම ඇති වු දිනයේ සංස්කරණය නොකළ දර්ශන ඇතුළත් විඩියෝ පට ලබා ගැනිම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට අද දිනයේ ද මාධ්‍ය ආයතන නියෝජිතයින් කමිටුව හමුවට කැඳවා තිබු අතර කමිටුව යලි ලබන වසරේ ජනවාරි  මස 03 වනදා රැස්විමට නියමිතයි.

Read more

Local News