මෛත්‍රී නිසා MRට අහිම් වන දෙයක් ගැන මරික්කාර් කියයි

Share

වත්මන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා වශයෙන් කටයුතු කරන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නව රජයේ ඇමතිධුර දෙකක් දරණ බැවින් එම සන්ධානය නියෝජනය කරන මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායක ධූරය දැරීමට හැකියාවක් නොමැති බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද (27) දින අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, “ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තමයි මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම පාර්ලිමේන්තුවට ආවේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කටයුතු කරනවා.

ඔහු මේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස මහවැලි සංවර්ධන හා පරිසර ඇමතිධුරයත්, ආරක්ෂක ඇමති ධුරයත් දරනවා. එහෙම ඇමතිධුර දරද්දී  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා මේ ආණ්ඩුවේ සාමාජිකයෙකු වෙනවා. එවැනි තත්ත්වයකදී එම පක්ෂයට විපක්ෂනායක ධුරය ලබාදීම නීත්‍යනුකූල නැහැ.

අපිට බැලූ බැල්මට පේනවා මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායක ධුරය ගියාට අවුලකුත් නැහැ කියලා. හැබැයි නීත්‍යනූකූල ප්‍රශ්නයක් තිබෙනවා. අපි කැමති දේ නෙමෙයි නීතියට අනුව හරි දේ වෙන්න ඕන. ඒක ඒ අය බේරගනිවි* යැයි පැවසීය.

Read more

Local News