ජවිපෙ සමඟ පොහොට්ටුවේ මන්ත්‍රිවරු පිරිසක් විරෝධතාවක

Share

මාතලේ නියෝජ්‍ය නගරාධිපති ජවිපෙ මන්ත්‍රි සමග පොහොට්ටුවේ මන්ත්‍රිවරු පිරිසක් මහනගරසභාව ඉදිරිපිට බිම වාඩි වි අද (27) දින විරෝධතාවක නිරත වුහ.

ඒ 2019 වර්ෂය සදහා මාතලේ මහ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා විසින් ඉදිරිපත් කල අයවැය යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කිරිම හා ඔහු විසින් සිදු කරනු ලබන අක්‍රමිකතාවන්ට විරුද්ධව ක්‍රියා කිරිම හේතුවෙන් 2018 අයවැය මගින් මන්ත්‍රිවරුන්ට ලබා දී තිබුණු සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරිමට ඉඩ ලබානොදිමට විරෝධය දක්වමිනි.

මෙම විරෝධතාව සදහා නියෝජ්‍ය නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතා, ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රි මොහොමඩ් නිලාෆ් මහතා හා පොදුජන පෙරමුණු මන්ත්‍රි අමිල නිරෝෂන, ජයන්ත ලියනගොඩ යන මන්ත්‍රිවරු සහභාගි වුහ.

ඔවුන් ප්‍රකාශ කර සිටියේ නගරාධිපතිවරයා විසින් සභා සනුමැතියකින් තොරව නගරයේ සිදු කරනු ලබන ක්‍රියාවන් හා මාසිකව රුපියල් ලක්ෂයකට අධික මිලකට ජිප් රථයක් කුලි පදනම මත රැගෙන භාවිත කිරිම හා විදුලි කණු සිටවිමේ මුවාවෙන් නාගරික ජනතාවගේ ආරක්ෂාවට තර්ජනයක්වන පරිදි ඉදිකරනු ලබන විදුලි කණුවලට විරුද්ධව හා 2019 අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරිම හේතුවෙන් මන්ත්‍රිවරප්‍රසාදයන් කඩ කිරිමට එරෙහිව මෙම විරෝධතාව සිදු කරන බවයි.

මෙම අවස්ථාවට හිටපු නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාද එක්ව සිටියහ

Read more

Local News