කෘෂිකර්මාන්තය දියුණු නැති බව අලුවිහාරේ කියයි

Share

කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට දීර්ඝ ඉතිහාසයක් පැවතුණ ද මෙරට කෘෂිකර්මාන්තය මෙතෙක් දියුණු තත්ත්වයට පත්ව නොමැති බව කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමිය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පැවසීය.

එම ධූරයේ වැඩ භාරගැනිමෙන් අනතුරුව අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ආහාර බෝග වගාව නැංවිම සඳහා හෝ කෘෂිකාර්මික සංවර්ධනය උදෙසා ස්ථීර ජාතික ප්‍රතිපත්තියක් රටට නොමැති බවයි.

මීට පෙර කෘෂිකර්ම අමාත්‍ය ධුරයට පත් වූ අමාත්‍යවරුන්  විසින් එහි සංවර්ධනයට සද්භාවයෙන් යුතුව විවිධ සංකල්ප ඉදිරිපත් කළ ද එම කිසිඳු වැඩපිළිවෙලක් සාර්ථක වී නොමැති බව රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා සඳහන් කළේය.

වසන්ත අලුවිහාරේ මහතා වැඩභාර ගැනිමේ අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා ඇතුලු පිරිසක් සහභාගී සිටි බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය.

Read more

Local News