වතුකරයේ වැටුප් වැඩි කිරිම පිළිබඳ සාකච්ඡා අසාර්ථකයි

Share

වතුකරයේ වෘත්තිය සිමිති නායකයින් දේශපාලන වාසි තකා බෙදි සිටිමෙන් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතියක් ලබා ගැනිමට නොහැකි වි ඇති බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ උපසභාපති එස්.අරුල්සාමි මහතා පැවසිය.‍

එස්.අරුල්සාමි මහතා ඒ බැව් කියා සිටියේ වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කිරිම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්තීය සමිති අතර පවතින සාකච්ඡාවල ප්‍රගතිය  සම්බන්ධයෙන් මාධ්‍යය දැනුවත් කිරිම සදහා  අද (27) හැටන් ලංකා කම්කරු කොන්ග්‍රස් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු එස්.අරුල්සාමි මහතා කියා සිටියේ වතු කම්කරුවෙකුගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි විය යුතු බවට යෝජනාවක් වතු එකාබද්ධ  වෘත්තිය සමිති විසින් වතු හාම්පුතුන්ගේ සංගමය වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවයි.

එම යෝජනාවට වතුකරයේ නියෝජනය කරන ඇතැම් දේශාපාලන පක්ෂ නායකයින් විවිධ අදහස් ප්‍රකාශ කිරිම නිසා වතු හාම්පුතුන්ගේ සංගමය එම ප්‍රකාශ  වාසියට ගෙන තමන් ඉදිරිපත් කල වැටුප් වැඩි කිරිමේ යෝජනාවට එකගතාවය පල කිරිම ප්‍රමාද කරමින් සිටින බවයි.

වතුකරයේ වෘත්තිය සමිති නායකයින් එකට එක් වි කටයුතු කිරිමෙන් වතු කම්කරුවන්ට තමන් යෝජනාකල මුලික වැටුපට වඩා වැඩි වැටුපක් ලබාගැනිමට හැකියාවක් ඇති බවද එස්.අරුල්සාමි මහතා පැවසීය.

Read more

Local News