හිටපු මුස්ලිම්වරු රජයෙන් කළ ඉල්ලීම

Share

ජාතීන් අතර ගැටුම් නිර්මාණය කිරීමේ අන්තවාදී, ත්‍රස්තවදී මූලධර්මවාදී කල්ලි වල වුවමනාවන් ඉටු කිරීමට ඉඩ නොතබා මාවනැල්ල ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ සම්පූර්ණ වගකීමක් බව ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

පසුගිය දින කිහිපය තුළ මාවනැල්ල සහ අවට ප්‍රදේශවල බුද්ධ ප්‍රතිමාවලට සිදුකළ හානි පිලිබඳ වාර්තවල් නිසා මාවනැල්ල හා අවට ප්‍රදේශවල දැඩි උණුසුම් තත්ත්වය ජාතින් අතර නිර්මාණයවී තිබන අතර මාවනැල්ල නගරය හා අවට ප්‍රදේශය ආරක්ෂාව තහවුරු කර සාමය ආරක්ෂා කිරීම රජයේ වගකීමක්ය.

2001 වසරේදී මාවනැල්ල ප්‍රදේශය දරුණුතම ප්‍රචණ්ඩ කාරී තත්වයට මුහුණදී තිබන අතර, මෑත කාලයේදී දිගන ප්‍රදේශයේදීද ජාතින් අතර කෝලාහලයක් දකින්නට ලැබුනා, එවන් අවාසනාවන්ත තත්ත්වය මෙරටතුල තවදුරට ඇතිවීමට රජය ඉඩ නොදීය යුතුය.

ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සිලය (CEMSL), මාවනැල්ල තුල ඇතිවී තිබෙන තත්වය ගැන, සැලකිලිමත් වන බැවින්, ඒවායේ සිදුවීම් බලඩාරීන් යුහුසුළුව ක්‍රියාත්මක වුවානම් පහසුවෙන් පාලනය කළ හැකි යයි අවධාරණය කරමු. එමනිසා මෙම කඩාකප්පල්කාරී ක්‍රියා සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු. අහිංසක පුද්ගලයන් පීඩාවට හා චෝදනාවට ලක් නොවීමට ආරක්ෂක අංශ වග බලාගත යුතු බව අපි අවධාරණය කරමු.

දැනට පවතින අර්බුදකාරී තත්ත්වය ගැන සිංහල හා මුස්ලිම් සමාජය අවදානයෙන් හා විමසිල්ලෙන් ක්‍රියාත්මක කල යුතු අතර, කඩාකප්පල් ක්‍රියාවලට අසු නොවන්නට වග බලාගත යුතුය. සමාජය තුළ දකිනට ලැබෙන ඕනෑම අන්තවාදී, මූලධර්මවාදී හා ත්‍රස්තවාදී කොටස් පිළිබඳව පොලීසිය සහ බුද්ධිඅංශයට තොරතුරු දැනුම් දීම මුස්ලිම් සමාජය සතු වගකීමකි.

මේවැනි අවස්ථාවන්හිදී මුස්ලිම් සමාජය වඩාත් ඥානවන්තව සහ සාමකාමීව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සිලය (CEMSL) ඉල්ලා සිටිමු.

Read more

Local News