ඉන්දුනීසියාවේ උපරිම අවදානම් තත්ත්වයක්

Share

අනාක් ක්‍රැකටෝ ගිනි කන්ද යළිත් සක්‍රීය වීම හේතුවෙන් එහි අවදානම් තත්ත්වය දෙවැනි උපරිම තත්ත්වය දක්වා ඉහළ නංවා තිබේ.

මෙම ගිනි කන්ද ආසන්නයෙන් ගමන් කරන සියලු ගුවන් යානාවල මාර්ග වෙනස් කර ඇති අතර, ඒ ආසන්න කිලෝමීටර් 5ක අනතුරුදායක කලාපයක්ද නම් කර ඇත.

ඉන්දුනීසියාවේ ආපදා කළමනාකරණ ඒජන්සිය පවසා සිටියේ ගිනි කන්ද තවදුරටත් සක්‍රීය වීම නිසා අවදානම් තත්ත්වය තෙවැනි මට්ටමේ සිට දෙවැනි මට්ටම දක්වා ඉහළ දැමීමට සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය සෙනසුරාදා මෙම ගිනි කන්දේ සක්‍රීය වීමත් සමග සාගර අභ්‍යන්තරයේ සිදුවු නායයෑමකින් ඇති කළ සුනාමි ව්‍යසනය හේතුවෙන් 450කට ආසන්න ජීවිත ප්‍රමාණයක් අහිමි වූ අතර, ගිනි කඳු ආශ්‍රයෙන් ඇති වන සුනාමි සම්බන්ධයෙන් යළිත් සිතා බැලීමට ලෝකය අවදි කළ සිදුවීමක් බවටද එය පත්වි ඇත.

Read more

Local News