ට්‍රම්ප් ඇමෙරිකානු සෙබළු බැලීමට ඉරාකයට යයි

Share

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලානියා ට්‍රම්ප් හදිසියේම නත්තල් සංචාරයක් සඳහා ඉරාකයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරක් වෙත පැමිණ තිබේ.

නත්තල් දින රාත්‍රියේ අල්-අසාද් ගුවන් හමුදා කඳවුරට පැමිණි ජනපති යුවළ ඇමෙරිකානු හමුදාවේ සේවය, ඔවුන්ගේ සාර්ථකත්වය මෙන්ම, ඔවුන් සිදුකරන කැපකිරීම මෙහිදී ඇගයීමට ලක්කර ඇත.

එමෙන්ම, ඇමෙරිකානු හමුදා දැන්ම ඉරාකයෙන් ඉවත්කර ගැනීමේ අදහසක් නොමැති බවද ට්‍රම්ප් මෙහිදී පවසා තිබේ.

ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ජිම් මැටිස් සිය ධුරයෙන් ඉවත්ව සතියක් ගෙවීයාමට මත්තෙන් මෙම සංචාරය සිදුවීමද විශේෂත්වයකි.

ඉරාකය ආක්‍රමණය කළ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ගේ තවදුරටත් තැන තැන විසිරී සිටින පිරිස් සමග සටන් වදින රජයේ හමුදාවලට සහාය දැක්වීම සඳහා ඇමෙරිකානු හමුදාවේ 5,000ක පමණ භට පිරිසක් තවදුරටත් එරට රැඳී සිටිති.

කෙසේ වෙතත්, මෙම සංචාරයේදී ඉරාක අගමැතිවරයා සමග පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව අවලංගු කෙරුණත්, වොෂිංටනයේ සංචාරයකට කෙරුණු ආරාධනය ඉරාක අගමැතිවරයා භාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News