තංගල්ලේ වතුර කප්පාදුවක්

Share

අද සිට පැය 48ක කාලයක් තංගල්ල ජල සම්පාදන ක්‍රමය මගින් ජලය සැපයෙන ප්‍රදේශ කිහිපයකට ජලය සැපයීම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදනය හා ජලාපවහන මණ්ඩලය පැවසීය.

ඒ අනුව අද (28) පෙරවරු 8.00 සිට ඉරිදා(30) පෙරවරු 8.00 දක්වා කාලය තුළ පලපොත, කදුරුපොකුණ, සීනිමෝදර, උනාකුරුව, ගොයම්බොක්ක, කොස්කොරටුව, පල්ලිකුඩාව සහ ඒ අවට ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

පලපොත ප්‍රධාන සම්ප්‍රෙෂණ නල මාර්ගය, නව නල මාර්ගයට සම්බන්ධ කිරීම හේතුවෙන් අදාළ ප්‍රදේශවලට ජල සැපයීම තාවකාලිකව අත්හිටුවන බවයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

Read more

Local News