සේනා නැසුමට කඩිනම් පියවර

Share

“සේනා” නමැති දළඹු ව්‍යාප්තිය පාලනය හා මර්දනය සඳහා කඩිනම් පියවර ගැනීමට විද්වතුන් ඇතුළු සියලු අංශවල සහය ලබාගන්නා ලෙසට කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන්, පරිසරවේදීන් මෙන්ම ඒ සඳහා උනන්දුවක් දක්වන සියලුම විද්වතුන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීමට නියමිතයි.

ඉන්දියාවෙන් වාර්තා වූ සේනා නමැති දළඹු විශේෂය මෙරට ප්‍රදේශ රැසක බඩඉරිගු වගාවන්ට හානී සිදුකර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ අම්පාර ප්‍රදේශයේ අක්කර 35,000ක බඩඉරිගු වගාවලට මෙම දළඹු විශේෂය මගින් හානී සිදුකර ඇති බවයි.

අනුරාධපුරය පොළොන්නරුව, කුරුණෑගල සහ මොණරාගල දිස්ත්‍රික්කවල ද එම දළඹුවා ව්‍යාප්ත වී තිබේ.

“සේනා” දළඹුවන්ට දිනක් තුළ අක්කර 1000ක පමණ වගාවක් විනාශ කළ හැකි අතර සළඹ අවස්ථාවේදී දිනකට කිලෝමීටර් 100ක දුරක් පියඹා යා හැකි වෙයි.

Read more

Local News