පාඨලී 2019 ගැන කියයි

Share

ගත වූ වසර 35 තුළ බිහි වූ සියලු රාජ්‍ය නායකයින් කොළඹ නගරයේ පැල්පත්වාසීන්ට ලබාදුන් නිවාසවලට වඩා දස ගුණයක් නිවාස අප අමාත්‍යාංශය විසින් පසුගිය වසර කිහිපය තුළ නිහඬවම ලබාදීම සිදු කළ බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසිය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණ තරුණියෝ, වැඩිහිටියෝ විශාල පිරිසක් සිටින අතර ඔවුන් මුදා ගැනීමට මෙහෙයුමක් අවශ්‍ය බවද අමාත්‍යවරයා පැවසීය.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසූවේ කොළඹ පදනම් ආයතනයේ පැවැති විශේෂ හමුවකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ ඉදිරි වසර රටට ඉතා තීරණාත්මක වසරක් බවයි.

අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත් ඔහු මෙහිදි පැවසීය.

පක්ෂ අතර එකඟතාවයක් ආවොත් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිත බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Read more

Local News