දුවගේ අනියම් සැමියා සිඟිත්තා පුළුස්සයි

Share

සියඹලාණ්ඩුව, මුතුකණ්ඩ් පහේකණුව ප‍්‍රදේශයේ වයස අවුරුදු 01 මාස 10ක් පමණ වන පිරිමි දරුවෙකු මාස දෙකකට අධික කාලයක සිට දුම්වැටියකින් පුළුස්සා ඇතැයි පැවසෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම‍‍ට විමර්ශන ආරම්භ කර ඇතැයි සියඹලාණ්ඩුව පොලීසිය පැවසීය.

අදාළ දරුවාගේ මවගේ අනියම් සැමියා බව පැවසෙන පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කෙරේ.

අදාළ දරුවාගේ මව රත්නපුර ප්‍රදේශයෙන් විවාහ වී ඇති අතර, ඔවුන්ට මෙම දරුවා ලැබුණු පසු ඇයගේ සැමියා අදාළ කාන්තාව හා දරුවා අතහැර ගොස් තිබිණි.

අනතුරු සැකකරු සමග දරුවාගේ මව අනියම් සබඳතාවක් ඇතිකර ගෙන ඇති අතර, බීමතින් පැමිණ ඇති සැකකරු අවස්ථා රැසකදී අදාළ දරුවා දුම්වැටියකින් පුළුස්සා ඇතැයි අනාවරණය වී තිබේ.

දරුවාගේ පිළිස්සුම් තුවාල දැක ඇයගේ මිත්තණිය විසින් සියඹලාණ්ඩුව පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව පොලීසිය විසින් අදාළ දරුවා සියඹළාණ්ඩුව මූලික රෝහලට ඇතුළත් කර ඇත.

අදාළ දරුවාගේ ශරීරයේ විවිධ ස්ථානවල පිළිස්සුම් තුවාල සියයකට අධික ප්‍රමාණයක් තිබෙන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම සිද්ධියට අදාළව අදාළ දරුවාගේ මවද සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය අද (28) සියඹලාණ්ඩුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් සියඹලාණ්ඩුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News