රංජිත්ට ඇප දෙයි

Share

පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාට ඇප ලබා දී තිබේ.

පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද උදෑසන මෙම තීන්දුව ලබා දී තිබේ.

පසුගිය දෙසැම්බර් මස 20 වන දින රංජිත් සොයිසා මහතා ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

ඒ පසුගිය 16 වැනි ඉරිදා ගොඩකවෙල නගරයේදී පුද්ගගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එල්ල වී තිබුණ චෝදනාවක් මතයි.

ඒ අනුව 20 වන දා පෙරවරුවේ ගොඩකවෙල පොලිස් ස්ථානයට ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට පත් මන්ත්‍රීවරයා ඇතුළු පිරිස පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබිණි.

Read more

Local News