ඩෙංගු පාලනයට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නැයි රාජිතගෙන් උපදෙස්

Share

ඩෙංගු මදුරු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ඊශාන දිග මෝසම් වැසි ඇදහැලීම හේතුවෙන් ඩෙංගු මදුරු ව්‍යාප්තියේ වැඩීවීමේ තත්ත්වයක් පවතී.

මේ වසරේ ගත වූ කාලය තුල ඩෙංගු රෝගීන් 49,132 ක් වාර්තා වී ඇති අතර වැඩිම රෝගීන් වාර්තා වී ඇත්තේ ජනවාරි මාසයේ වන අතර එම සංඛ්‍යාව 7278 කි.

දෙසැම්බර් මාසයේ වාර්තා වී ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 3127කි.

ඊසාන දිග මෝසම් වැසි ඇදහැලෙන බැවින් අවධානම් කළාපවල දෛනිකව ධූමායන කටයුතු සිදු කිරීමට නියමිතය. ඒ සඳහා ඩෙංගු මදුරු මර්දන ක්ෂේත්‍ර නිලධාරීන් 1500 ක් යොදවා තිබේ.

පාසල් නිවාඩු කාලය වෙනුවෙන් වසා දමා තිබූ පාසල් විවෘත කිරීමට පෙර ලබන 29,30 සහ 31 තෙදින පිරිසිදු කිරීමේ කටයුතු සිදු කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු යොදා තිබේ.

Read more

Local News