හැටන් වතු නිවාස පේලියක ගින්නක් – Photos

Share

හැටන් පොලිස් වසමට අයත් පොඩයිස් වතු යායේ අක්කර 30 කොටසේ වතු නිවාස පේලියක අද(29) හට ගත් ගින්නකින් එම වතු නිවාස පේලියේ තිබු නිවාස 24 ක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව හැටන් පොලීසිය පැවසිය.

අද උදැසන 6 ට පමණ මෙම ගින්න එක් නිවසකින් හටගෙන සෙසු නිවාස වලට ගින්න පැතිර ගිය බවයි වතු කම්කරුවන් පවසන්නේ.

ගින්නෙන් එම නිවාස 24 පදිංචි පවුල් 24 කට අයත් සමාජිකයන් 150දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් අවතැන් වී සිටින අතර ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු නොමැති බව අපටයි වාර්තා වන්නේ.

ගින්න මැඩ පැවැත්වීමට හැටන් පොලීසියේ නිලධාරින්, වතු කම්කරුවන්  සහ හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය දැඩි උත්සහයක නිරත වී තිබේ.

ගිනෙන් අවතැන් වුවන් අතර කුඩා ළමුන් 45 දෙනෙකුද සිටින බවයි හැටන් පොලිසිය සඳහන් කරන්නේ.

අවතැන්න් වුවන්ට අවශ්‍යය පහසුකම් සැලසිමට වතු පාලන අධිකාරිය මේ වන විට පියවර ගෙන ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර ගින්නෙන් සිදු වු අලාභයද මෙතෙක් තක්සේරු කර නොමැත.

වතු නිවාස පේලයේ හට ගත් ගින්නෙන් වතු කම්කරුවන්ගේ පෞද්ගලික බඩු භාණ්ඩ සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇත.

 

Read more

Local News