ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් මූල්‍ය ආධාර

20

ගංවතුරෙන් පීඩාවට පත් උතුරේ ජනතාව ලබාගෙන ඇති බැංකු ණය සඳහා වාරික හා පොලී අයකිරීම තාවකාලිකව අත්හිටුවන බවත්, එම ජනතාව සඳහා කඩිනමින් මූල්‍ය ආධාර ලබාදීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරයා,

“කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කවල ඇතිවූ හදිසි ගංවතුර නිසා පවුල් 38000ක් විපතට පත්ව සිටිනවා. මේ අයගේ නිවාස හා අනෙකුත් ව්‍යාපාර කටයුතු වලට එමගින් හානි සිදුව තිබෙනවා. කිලිනොච්චිය හා මුලතිව් ආර්ථික වශයෙන් නොදියුණු දිස්ත්‍රික්ක දෙකක් වීම හේතුවෙන් ගංවතුරෙන් එල්ල වූ හානිය එම දිස්ත්‍රික්ක දෙකට දැඩිව බලපා තිබෙනවා.

මෙම ගංවතුර තත්වය ඇතිවූ මොහොතේ සිට ඉන් ජනතාව මුදවා ගැනීමටත්, ඔවුන්ට ආධාර උපකාර කිරීමටත් ක්‍රියාකළ දිසා ලේකම් තුමා, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු පරිපාලන යාන්ත්‍රණයට මාගේ ස්තුතිය පිරිනමනවා.

විපතට පත්ව සිටින ජනතාවගෙන් එදිනෙදා අය කරන පොලිය සහ ඔවුන් ලබාගෙන තිබෙන බැංකු ණය අය කර ගැනීම තාවකාලිකව අත්හිටුවන ලෙස අප උපදෙස් ලබාදී තිබෙන බව කිව යුතුයි.“