මෙන්න අද කාලගුණය

Share

අද (30) දින දිවයිනේ බොහෝ පළාත්වල ප්‍රධාන වශයෙන්  වැසි රහිත, වියලි කාලගුණ තත්ත්වයක් සහ ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නැගෙනහිර පළාතේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ සිහින් වැසි ඇති විය හැක.

මධ්‍යම, වයඹ  සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට  හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක.

සබරගමුව  සහ බස්නාහිර පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක්  බලාපොරොත්තු වේ.

නැගෙනහිර මුහුදු ප්‍රදේශවල සිහින් වැසි ඇති විය හැකි අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර සුළඟේ වේගය පැ.කී.මී. 25-35 පමණ වේ.

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල  සහ මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට  පැ.කී.මී. 40-50 පමණ දක්වා වැඩි විය හැකි අතර මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැක.

Read more

Local News