ආණ්ඩුව තුළ තිබෙන අර්බුදයක් ගැන මහින්ද කියයි

Share

මේ වනවිට අමාත්‍යධුර බෙදා ගැනීමට නොහැකිව ආණ්ඩුව තුළ අර්බුදයක් උත්සන්න වී ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (29) හුංගම ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමිනි.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසන්නේ එළඹෙන වසරේදී මහ මැතිවරණයක් පවත්වන ලෙස බල කර සිටින බවයි.

මේ අතර අපරාධ මර්දනය කිරීම සඳහා රජයට කිසිදු වැඩපිලිවෙලක් නොමැති බව ඒ මහතා සඳහන් කළේය

රට තුළ වර්තමානයේ විනයක් නොමැති බවද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.

 

Read more

Local News