තක්කාලි වගාව අවදානමක

Share

මාතලේ පල්ලේපොල, යටවත්ත, දීවිල්ල, රුසිගම, වල්මෝරුව යන තක්කාලි වගා කරන ප්‍රදේශවල තක්කාලි වගාවට හඳුනා නොගත් රෝගයක් පැතිර  යාම හේතුකොටගෙන එම වගාව සඳහා යොදාගත් අක්කර දහස් ගණනක් දිනපතා විනාශ වෙමින් පවතින බව ගොවීහු සඳහන් කරති.

තක්කාලි වගාවේ ඵල හට ගැනීමත් සමඟ එක වරම දිවා කාලයේ මෙම ගස් මලානික වි පසුව ගස මිය යෑම සිදුවන බවත් හටගත් ගෙඩි වල යම්කිසි දිලීර වර්ගයක් පැතිර යෑම සිදු වෙන බව ප්‍රදේශවාසින් පෙන්වා දෙයි.

මෙතෙක් කිසිදු කෘෂිකර්ම නිලධාරීවරයෙකු සොයාබැලීමක් සිදුනොකළ බවත් වෙළඳසැල් හිමියන්ගේ උපදෙස් පරිදි කෘමිනාශක වර්ග යෙදුව ද ඉන් එකක් හෝ ඔරොත්තු නොදෙන බවද ගොවීහු පවසයි.

මේ වනවිටත් අක්කර දහසකට අධික ප්‍රමාණයක් මෙම රෝගයට ගොදුරු වී තිබෙන බව පල්ලේපොල රුසිගම ප්‍රාදේශයේ ගොවීහු පවසයි.

තක්කාලි වගාවේ එක දිනකට ගස් විශාල ප්‍රමාණයක් මෙයාකාරයෙන් විනාශයට ලක්වන බවත් දිනෙන් දින මෙම විනාශවන තක්කාලි වගාව ආරක්ෂා කරගැනීම සඳහා කුමන හෝ පිළියමක් ලබා දෙන්නැයි පල්ලේපොල වල්මෝරුව ප්‍රදේශයේ තක්කාලි ගොවීහු කෘෂිකර්ම බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර සිටියි.

තක්කාලි වගාවේ අස්වැන්න නෙලීමට ආසන්න ව තිබෙන වකවානුවක මෙයාකාරයෙන් දරුණු වසංගත රෝගයක් මින් ඉහතදී වැළඳී දැක ගැනීමට නොහැකි වූ බවත් මෙම කන්නයේදී පමණක් මෙම රෝගය දැකගැනීමට හැකිවූ බව ගොවීහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.

මේ පිළිබඳව අවධානය යොමුකොට තක්කාලි වගාව බේරා නොදුනහොත් මෙවර අත කනකර බඩු උගසට තබා වගාකළ තක්කාලි සම්පූර්ණයෙන්ම විනාශ විය හැකි බවත් ඉදිරියේදී රට පුරාම තක්කාලි ඉතා ඉහල මිලකට අලෙවි වීම සිදු වෙන බවද ගොවීහු පෙන්වා දෙයි.

Read more

Local News