එජාපය සතු තීරණයක් ගැන මරික්කාර් කියයි

Share

දෙමළ ජාතික සන්ධානය සමග කොන්දේසිවලට එකඟවීමට හෝ දිගින් දිගටම ආණ්ඩු පවත්වාගෙන යාමට නොහැකි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ මැතිවරණයකට යාම පිළිබඳ තීරණය පවතින්නේ එක්සත් ජාතික පක්ෂය සතුව බවයි.

මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

2020 අගෝස්තු 17 වනදා දක්වා මේ ආණ්ඩුව පවත්වාගෙන යාමට හැකි බවත් විශේෂයෙන්ම බහුතරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමක්ද රැගෙන කරගෙන යාමට බලාපොරොත්තු වන බවත් මන්ත්‍රිවරයා පැවසීය.

නමුත් දෙමළ ජාතික සන්ධානය සමග දිගින් දිගටම ආණ්ඩු කිරීමට කොන්දේසි වලට එකඟ වීමට සූදානම් නැති බවද එසේත් නොමැති වුවහොත් ඕනෑම අවස්ථාවක මැතිවරණයකට යන බවද පැවසීය.

Read more

Local News