දියේ ගිලී තරුණයෙක් අතුරුදන්

Share

මීමුරේ ප්‍රදේශයේ “තාලි කට” නම් ස්ථානයේ දියනෑමට ගිය තරුණයෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බවට වාර්තා වෙයි.

දිය නෑමට නුසුදුසු ස්ථානයක් ලෙස හදුනාගෙන ඇති එම “තාලි කට” ප්‍රදේශයේ අදාළ තරුණයා දිය නෑමට ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

අතුරුදන්ව ඇත්තේ 21 හැවිරිදි වැල්ලම්පිටිය, කටුපැලැල්ල ජය මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි.

නාවික හමුදාව, පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ තරුණයා සෙවීම සිදුකරයි.

උඩුදුම්බර පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News