ගාලූ‍මුවදොර අද විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක්

Share

කොළඹ, ගාලූ‍මුවදොර පිටිය ආශ‍්‍රිතව අද(31) රාත‍්‍රීයේ විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක බව පොලීසිය පවසයි.

මාර්ග ආරක්ෂාව හා රථවාහන කොට්ඨාසයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ, නව වසරේ උදාව සැමරීම සඳහා ගාලූ‍මුවදොර පිටියට අධික ජනතාවක් පැමිණීම හේතුවෙන් එම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක බවයි.

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ද අද දිවයින පුරා ක‍්‍රියාත්මකයි.

මේ වසරේ බීමත් රියදුරන් 15,000 කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය දින 13ක කාලය තුළ පමණක් අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියැදුරන් සංඛ්‍යාව 5000 කට අධිකයි.

වසරේ පළමු මාස 10 තුළ බීමත්ව රිය පැඳවිමේ වරද යටතේ, රියැදුරන්ගෙන් රුපියල් මිලියන 2700 ක මුදලක් දඩ වශයෙන් අයකර ගෙන තිබේ.

Read more

Local News