එජාප පරාජය කිරීමට හැකි බව මහින්ද කියයි

Share

ඇතැම් තීන්දු තීරණ හේතුවෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට පසුගිය කාලය තුළ කිසියම් හානියක් සිදුවූ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

හම්බන්තොට ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේය.

ඉදිරි මැතිවරණයක දී එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස මැතිවරණයට ඉදිරිපත් වුවහොත් අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීමට හැකියාව ලැබෙනු ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

Read more

Local News