මානුෂීය මෙහෙයුම දිගටම යන බව යුද හමුදාව කියයි

Share

උතුරේ වැසියන් වෙනුවෙන් සිදුකරන මානුෂීය කටයුතු ඒ ආකාරයෙන්ම සිදුකරන බව ශ්‍රි ලංකා යුද හමුදාව පවසයි.

පසුගිය දින කිහිපය තුළ උතුරට බලපෑ ජල ගැලීම් තත්වය සමඟ යුධ හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඔවුන් වෙනුවෙන් විශේෂ වැඩකොටසක් සිදුකළ බව යුද හමුදාව පෙන්වාදෙයි.

උතුරේ පමණක් නොව, මෙරට ඕනෑම පුරවැසියෙකු ආපදාවට ලක්වූ අවස්ථාවකදී ඔවුන්ට උදව් කිරීම තම යුතුකමක් හා වගකීමක් බව යුද හමුදාව සඳහන් කරයි.

ඇතැම් පුද්ගලයින් තම පටු අරමුණු වෙනුවෙන් විවිධ ප්‍රකාශ සිදුකරයි. නමුත් එම ප්‍රකාශ පිළිබඳව කිසිඳු සැලකිල්ලක් ද දැක්විය යුතු නොවන බව ද යුද හමුදාව සඳහන් කරයි.

Read more

Local News