රාජිතගෙන් අගමැති ගැන සහතිකයක්

Share

ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කළත් ලංකාවේ විශ්වවිද්‍යාලයකින් උපාධිය ලබා ගත් අගමැතිවරයා කිසිදා ව්‍යවස්ථාව උල්ලංගනය නොකරන බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

අද(31) පායාගලදී  පැවති උත්සවයකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අමාත්‍යවරයාගේ විමධ්‍යගත ප්‍රතිපාදන මත පයාගල හිරිගල්ගොඩැල්ල කජුදූව මාර්ගය කාපට් කිරීම සහ පයාගල ගල්ලනමුල්ල පොල්වත්ත මාර්ගය කාපට් කිරීම අද පෙරවරුවේ සිදු කෙරිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා ,

“අපේ මන්ත්‍රීවරුන් 07 ක් ස්වාධීන වන බව ප්‍රකාශ කර තිබෙනවා. නමුත් ව්‍යවස්ථාවේ තිබෙන්නේ අමාත්‍යධූර 30 ක් පමණයි. අග්‍රාමාත්‍යවරයාට ව්‍යවස්ථාව කඩන්න බැහැ. ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝණය කළත් අග්‍රාමාත්‍යවරයා එහෙම කරන්නේ නැහැ.

අග්‍රාමාත්‍යවරයා හොදට ඉගෙන ගත් කෙනෙක්. ලංකාවේ විශ්ව විද්‍යාලයකින් උපාධිය ලබාගත් පුද්ගලයෙක්. එයා ව්‍යවස්ථාව කඩන්නේ නැහැ. අපට ඇමැතිකමක් ලබාදෙනවා ද, නැද්ද කියන එක ජනතාවට වැඩක් නැහැ. අමාත්‍යධූර නොලැබුනා කියලා මාධ්‍යයට කියලා වැඩකුත් නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක දී ඒ පිළිබද අදහස් පළ කළ යුතුයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් 25 ඉදිරියේ දී අපිත් සමග එකතු වෙනවා. ඔවුන් ඉදිරි දිනයක දී මාධ්‍ය හමුවක් පවත්වනවා.

මහ රඡාණෝ යුව රජා ලගට ඇවිත් දිවුරුම් දුන්නා. යුවරජා පක්ෂයේ ලේකම්. දැන් පක්ෂයේ සභාපතිවරයා ලේකම්ට සර් කියනවා. නඩුහබ වලින් බේරෙන්න තමයි හිටපු ජනාධිපතිවරයාට අවශ්‍යය වුනේ. කාලය ඉතා සීමිත බව හිටපු ජනාධිපතිවරයා දන්නවා. ඕනෑම බලු වැඩක් කරලා හරි නඩු විභාග කිරිම නතර කර ගැනීම තමයි එයාගේ අවශ්‍යතාවය වුනේ.”

Read more

Local News