ඝාතනයක් සම්බන්ධයෙන් අඹුසැමි යුවලක් අත්අඩංගුවට

Share

ගන්දර පොලිස් වසමේ පහළ ගෙදර තලල්ල, ප්‍රදේශයේ දී අද(31) උදෑසන පුද්ගලයෙක්ට පහර දී ඝාතනය කර තිබේ.

පහර කෑමට ලක්වු පුද්ගලයා මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇත. ඝාතනයට ලක්ව ඇත්තේ ගන්දර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 72 ක් වු ජෝතිමුණි ගුණතිලක නම් පුද්ගලයෙකි.

මිය ගිය පුද්ගලයා අසල්වැසි ඥාති අඹුසැමි යුවලක් සමඟ ඉඩම් ආරවුලක් හේතුවෙන් ඇති කර ගත් බහින්බස් වීමක් දුරදිග යෑමෙන් මෙම පහර දීම සිදුව ඇති බව පොලීසිය පවසයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 53 ක් වු පිරිමි පුද්ගලයෙක් හා වයස අවුරුදු 46 ක් වු ඔහුගේ බිරිඳ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් අඹුසැමි යුවල හෙට(01) දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගන්දර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Read more

Local News