ගංවතුරින් විපතට පත්වූ පවුල් වලට අාපදා වන්දි

Share

රජයක් ලෙස ගංවතුර පාලනය කිරීම සඳහා සකස් කළ සැළසුම් මේ වනවිට අනුමත වී ඇති බැවින් ඒවා ලබන වසරේ ජනවාරි මාසයේ සිට  ක්‍රියාත්මක කිරීමට නියමිත බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසුවේ ගාල්ල වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවති ගංවතුරින් විපතට පත්වූ පවුල් 995ක් වෙනුවෙන් මුළුතැන්ගේ උපකරණ බෙදාදීමේ අවස්ථාවකට එක්වෙමිනි. මෙහිදී එක් පවුලකට රුපියල් 10,000ක් පමණ වටිනා උපකරණ ප්‍රදානය කෙරිණි.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ 2016 කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ගංවතුරින් විපතට පත්වූවන්ට රුපියල් 80,000 ට වැඩි ලක්ෂ අට දක්වා වූ වටිනාකමක් සහිත චෙක්පත් 5000ක් බෙදා දුන් බවයි. එහි මුදල රුපියල් ලක්ෂ 20,000ක් වේ.

මේ අනුව කොලොන්නාවට පමණක් 2016 හා 2017 වර්ෂ දෙකේ දී ආපදා සඳහා වන්දි ලෙස ලක්ෂ 30,000ක් බෙදා දී ඇති බවත්  ගාල්ලේ තේ කර්මාන්තය නැවත ගොඩ නැංවීමට කුඩා තේවතු හිමියන්ට ගංවතුරින් සිදුවූ හානිය සඳහා රුපියල් කෝටි 16ක් ද වන්දි වශයෙන් ලබාදී ඇති අතර එහිදී තේ කර්මාන්ත ශාලා හිමියන්ට රුපියල් කෝටි 17ක මුදලක්ද ලබා දී ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් ලක්ෂ 1790 ක් ද ගාල්ල දිස්ත්‍රික්කයට ලැබී ඇති බව පැවසූ අමාත්‍යවරයා එම මුදලින් කොටසක් යොදවා ආපදා අවස්ථාවක දී ප්‍රයෝජනයට ගත හැකි සුරක්ෂිත මධ්‍යස්ථාන 12ක් ඉදි කිරීමටද කටයුතු කර ඇති බවත්, මෙම සුරක්ෂිත මධ්‍යස්ථාන ආපදා වෙනුවෙන් ප්‍රයෝජනයට නොගන්නා කාලයේ දී ගමේ පොදු කටයුතු වෙනුවෙන් ප්‍රයෝජනයට ගැනීමට හැකියාව ඇති  බවත් සඳහන් කළේය.

 

Read more

Local News