දියණිය දූෂණය කළ මාමා පොලිස් දැලේ

Share

කන්දකැටිය පොලිස් වසමට අයත් බෝපිටිය මයිලගස්තැන්න ප්‍රදේශයේ අවුරුදු නමයක් වයසැති සිය ඥාති දියණියක දූෂණය කළ පුද්ගලයෙකු අද(01) සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය සඳහන් කරයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කන්දකැටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 ක දූෂණයට ලක්වූ දැරියගේ ඥාති මාමා කෙනෙකු බවයි වාර්තා වන්නේ.

සැකකරු කන්දකැටිය පොලීසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන බදුල්ල මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ අතර ඔහු මෙම මස 9 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.

කන්දකැටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News