වැස්ස අඩුවෙයි – සීතල වැඩිවෙයි

Share

දිවයින පුරා විශේෂයෙන් උතුරු, උතුරු-මැද, මධ්‍යම, වයඹ සහ නැගෙනහිර පළාත්වල තරමක ශීත කාලගුණ තත්ත්වයක් තවදුරටත් බලාපොරොත්තුවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇත. කෙසේවෙතත් රත්නපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැක.

බස්නාහිර සහ ඌව පළාත්වලත් අම්පාර, පුත්තලම, කෑගල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක.

මධ්‍යම පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read more

Local News