ඖෂධ රැසක මිල අඩු වෙයි ?

Share

2019 වසෙර් දී තවත් ඖෂධ වර්ග රැසක මිල අඩු කිරීම සහ පෞද්ගලික රෝහල්වල මිල නියාමනය කිරීම තම ප්‍රමුඛ කාර්යය බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

නව වසරේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ රාජකාරි කටයුතු ඊයේ (01) පෙරවරුවේ ආරම්භ කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

පසුගිය වසර කිහිපයේ දී ඖෂධ වර්ග 73 ක මිල අඩු කළ බවත්, 2019 වර්ෂයේ  දී එම සංඛ්‍යාව 100 දක්වා වැඩි කිරීම තම අරමුණ බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩ්දුරටත් පැවසුවේෙ “පසුගිය වසර කිහිපය තුල දී ඔබ සැමගේ සහයෝගය මත අපි විශාල වැඩ කොටසක් සිදු කළා. ලංකාවේ සෞඛ්‍ය සේවාව ලෝකය පුරා කථා කරන මට්ටමට විප්ලවීය වෙනසකට ලක් කළා.

සිදු කිරීමට නොහැකි බව ප්‍රකාශ කළ දේවල් මහජනතාවගේ යහපත වෙනුවෙන් අපි කරලා පෙන්නුවා. ඒ සියලු දේ සිදු කළේ ජනතා සුබසිද්ධිය වෙනුවෙන්. පසුගිය වසරේ දී මෙන්ම මෙම වසරේ  දී ද ඇති ලොකුම අභියෝගය බෝනොවන රෝග වලින් ජනතාව බේරා ගැනීමයි.

අපේ රටේ රෝගීන්ගෙන් සියයට 75 ක් මිය යන්නේ බෝනොවන රෝග වලින්. බෝනොවන රෝග නිසා ජනතාව මිය යන්නේ දැනුවත්කමින්. තමන් මුදල් වියදම් කරලා තමයි මෙම රෝග හදා ගන්නේ. ඒම නිසා ආහාර භාවිතය ඉතාම වැදගත්. රෝග නිවාරණය කිරිම සදහා ඊට වඩා වැඩි මුදලක් වියදම් කිරීමට සිදු වෙනවා.” බවයි.

Read more

Local News