ලක්ෂපාන ඇල්ලට වැටී විදේශිකයෙක් මරුට

Share

නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ලක්ෂපාන දිය ඇල්ල පාමුල පිහිටි අනාරක්ෂිත දිය වලක ස්නානය කරමින් සිටි බ්‍රිතාන්‍යය කළු ජාතික විදේශිකයෙකු ජිවිතක්ෂය පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ ඕල්ඩිපුපෝ ඉයයිපෙමි ඔසුන්නිය (OLDIPUPO EYIPEMI OSHUNNIYA ) නැමති 29 හැවිරිදි බ්‍රිතාන්‍යය කළු ජාතික අවිවාහක තරුණයෙකි.

මිය ගිය විදේශික තරුණයා ඔහුගේ පෙම්වතිය සහ මිතුරන් කිහිප දෙනෙකු සමඟ නෝටන්බ්‍රිජ් සප්තකන්‍යා කන්ද පාමුල පිහිටි තෙබර්ටන් වත්තේ පිහිටි සංචාරක ලැගුම්හලකට පැමිණ නවාතැන් ගෙන ඇත.

ඊයේ(01) පස්වරු මිය ගිය විදේශිකයා සහ ඔහුගේ පෙම්වතිය සහ මිතුරන් සමඟ පස්වරු 2 ට පමණ ලක්ෂපාන දිය ඇල්ල පාමුල ගැඹුරු වලේ ස්නානය කරමින් සිටි අවස්ථාවේ ඔහු එම වලට වැටී අැති බවයි අප වාර්තාකරු පැවසුවේ.

පසුව එම තරුණයාගේ මිතුරන් ප්‍රදේශවාසින් සහ නෝටන්බ්‍රිජ් පොලිසිය දියවලේ සිදුකල සොදිසි මෙහෙයුමකදි අතරුදහන්වු විදේශ තරුණයාගේ සිරුර සොයාගෙන ඇත.

මියගිය තරුණයාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දික්ඔය මුලික රෝහලේ තැන්පත් කර ඇති අතර මිය ගිය තරුණයා සම්බන්ධයෙන් නෝටන්බ්‍රිජ් පොලිසිය පරික්ෂණ පවත්වයි.

Read more

Local News