ශ්‍රී ලංකා – පකිස්තාන ක්‍රිකට් තරගය වෙනුවෙන් ලාහෝර්හී විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

Share

පකිස්තානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පැවසුවේ පකිස්තානයේ ලාහෝර්හිදී හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා – පකිස්තාන ක්‍රිකට් තරගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි. පකිස්තාන හමුදා, පොලිසිය සහ සෙසු ආරක්ෂක අංශ ඊට එක්ව සිටින බවයි.

2009 මාර්තු මාසයේදී ලාහෝර්හිදි එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පකිස්තානයේ සංචාරය කරන ප්‍රථම අවස්ථාව මෙය වේ. ඒ වගේම වෙනත් රටක ජාතික ක්‍රිකට් කණ්ඩායමක් පකිස්තානයේ සංචාරය කරන ප්‍රථම අවස්ථාව ද වේ.

 

Read more

Local News