බන්දුලට, විභාග දෙපාර්තමේන්තුවෙන් පිළිතුරක්

Share

උසස් පෙළ විභාගයේ Z ලකුණු ගණනය කිරිමේදී හෝ දිස්ත්‍රික් හෝ දිවයිනේ කුසලතාව සළකා බැලීමේදී එම අපේක්ෂකයා පාසල් අපේක්ෂකයෙක්ද නැතහොත් පෞද්ගලික අපේක්ෂකයෙක්ද යන්න සළකා නොබලන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එසේම මීට පෙර අවස්ථාවලදී පෞද්ගලික අපේක්ෂකයන් දිවයිනේ මුල් ස්ථාවලට පැමිණි අවස්ථා ඇති බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙක් මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පසුගිදයා මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ මෙවර උසස්පෙළ කලා අංශයේ පළමු ස්ථානයට ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සිසුවියක් පැමිණියේ කුමන්ත්‍රණයක් අනුව බවයි.

Read more

Local News