පළමු පක්ෂ නායක රැස්වීම ඇරඹෙයි

Share

නව වසරේ පළමු පක්ෂ නායක රැස්වීම කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙයි.

අද (04) පෙරවරු 11.30ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වු පක්ෂ නායක හමුව සඳහා සියලු පක්ෂ නායකයින් සහභාගී වී සිටින බව වාර්තා වෙයි.

ලබන 8 වන දා රැස්වන පාර්ලිමේන්තු සැසි වාරයේ න්‍යාය පත්‍රය සකස් කිරීම සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා කිරීමට නියමිතයි.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධුරයට පත් වුවද, ඔහු පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ රාජකාරී කටයුතු ආරම්භ කර නොමැති බව වාර්තා වෙයි.

ඒ මිට පෙර විපක්ෂ නායකයා ලෙස කටයුතු කළ  ආර් . සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය තවමත් බාරදී නොමැති වීම හේතුවෙන් බව වාර්තා වෙයි.

අද රැස්වන පක්ෂ නායක හමුවේදී විශේෂයෙන් මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායක කාර්යාලය ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බව කථානායක කාර්යාලය සඳහන් කරයි.

Read more

Local News