ජ්‍යෝතීර්වේදී සුමනදාස, මහින්ද ගැන කියයි

Share

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ට 2007 වසරේදී වාහනයක් ලබාදුන් බවත් වාහනයක් ලබාදෙන විට කිසිවෙකුත් ප්‍රතික්ෂේප නොකරන බව ජ්‍යෝතීර්වේදී සුමනදාස අබේගුණවර්ධන මහතා මහතා පැවසීය.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් ත්‍යාගයක් ලෙස සුමනදාස අබේගුණවර්ධන මහතාට මෝටර් රථයක් ලබාදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කරයි.

“ශ්‍රී ලන්කන් එයාලයින් මම වැඩ කළේ නෑ. 2007 ජූනි මාසයේදී එක දවසක් අතිගරු ජනපතිතුමා (මහින්ද රාජපක්ෂ) මට කථා කරලා අන්න වාහනයක් තිබෙනවා අරන් යන්න කියලා.

එහෙම කිව්වට පස්සේ ඒ වැඩවලට සම්බන්ධ වෙන්නේ එතුමාගේ ආරක්ෂක නිලධාරියා නෙවිල් වන්නිආරච්චි මහත්තයා. එතුමාගෙන් මම ඇහුවා කොහෙද මේක තියෙන්නේ කියලා. එතුමා කිව්වා රාජගිරියට එන්න කියලා.

ඉතින් මම වාහනය අරන් ගියා. මේ ලොකු වාහනයක් නෙමෙයි. ඒක මේ N16 වාහනයක්. ඒ වෙලාවේ මම ගාව බෙන්ස් කාර්, අවුඩි කාර්, පෝජෝ කාර්, මගේ ගොඩක් වාහන තිබුණා.NSB බැංකුවෙනුත් මට වාහනයක් ලැබිලා තිබුණා.”

Read more

Local News