සේනා මර්දනයට විශේෂිත උගුලක්

Share

රට පුරාම බඩඉරිගු වගාවට හානි කළ සේනා දළඹු ව්‍යවසනය දැන් මොණරාගල උක් වගාවටද බෝ වී ඇති බව කෘෂි කර්ම අමාත්‍ය පී හැරිසන් මහතා අනුරාධපුර නාචිචාදූව කිඩාගම බඩඉරිගු වගාභූමිය ක්ෂ්‍රෙත‍්‍ර චාරිකාවකට එක්වෙමින් පැවසීය

එසේම සේනා දළඹුවා මැඩලීමට විශේෂිත උගුලක් තම අමාත්‍යාංශය මගින් හඳුන්වා දී ඇති බවත් මේ වන විට ඩ්‍රෝන තාක්ෂණය භාවිත කරමින් දළඹු මර්දනයට කටයුතු යොදා ඇති බවත් ඔහු පැවැසීය.

එසේම අස්වැන්න නෙලීමෙන් අනතුරුව ගිනි තබා දළඹු කීට අවස්ථාවන් ද විනාශ කිරීමට කටයුතු කරන්නැයි අමාත්‍ය වරයා එහිදී ගොවීන්ගෙන් ඉල්ලීමක් කරනු ලැබිය.

Read more

Local News