යාපනයට කාර්මික විද්‍යාලයක්

Share

රුපියල් මිලියන 560ක වියදමින් යාපනය දිස්ත්‍රික්කයේ මීසාලෛයි උතුර, තේන්මාරච්චි වලිකාකම් ප්‍රදේශයේ කාර්මික විද්‍යාලයක් ස්ථාපනය කිරීමට කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමෙන්තුව තීරණය කොට ඇත.
ඒ අනුව ඉදිරි වසර දෙකක කාලයක් තුළ දී මෙහි ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට ද සැලසුම් කොට ඇත.
මෙම පුහුණු මධ්‍යස්ථානය තුළින් ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 3 සහ 4 වෘත්තීය පුහුණු පාඨමාලා කිහිපයක් පැවැත්වීමට ද සැලසුම් කොට ඇත.

Read more

Local News